කාන්තා භට නිවසට රිංගා WPCට අතවර කරන්න හැදූ PC අල්ලයි.

කොළඹ වෙරළබට පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී, එහි නිදා සිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සහ සෙසු නිලධාරිනියන් එක්ව අල්ලාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරී සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිටි මාන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරියෙක් බව හෙළිව තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles