ලැගුම්හලක සිටි යුවළක් අල්ලා ලක්ෂ 2ක කප්පම් ගත් පොලිසියේ 2කට වැඩ වරදී

තරුණයකු බිය ගන්වා රුපියල් 200,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා මෙම 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (09) නියෝග කළා.

පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක්කර ඇති අතර ඔවුන් මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව කොමිසම විසින් කරුණු ඉදිරිපත් කළ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවට කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කර තිබෙනවා.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles