යුක්තියට මුවාවී කරන OIC සෙල්ලං එළියට

යුක්තිය මෙහෙයුමට මුවා වී ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් අත්තනෝමතික ලෙස සිය බලය පාවිච්චි කරමින් අහිංසක ජනතාව පෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොළවත්ත සහ අසංක නවරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

කුරුණෑගල නාරම්මල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති හර්ෂ සමරසේකර හන්දිවල සිටින දරුවන් පොලිසියට ගෙන ගොස් කුඩු නඩු පටලවන බවයි අසංක නවරත්න චෝදනා කරනු ලැබුවේ.

පාසල් දරුවන්ද ඇතුළු තරුණයන් ගණනාවකට මෙලෙස මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරිපත් කර නඩු පවරා ඇති බව පැවසූ මන්ත්‍රීවරයා එය දැඩිව විවේචනයට ලක් කරනු ලැබුවා.

ප්‍රේමනාත් සී. දොළවත්ත මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ, මෙම තත්වය පොලිස් ස්ථාන ගණනාවක ක්‍රියාත්මක වෙන බවයි. පොලිසිය නීතිය අතකොලුවක් ලෙස ගෙන ක්‍රියා කිරීම වැරදි බව කී ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles