ඩයනාට තවත් අකරතැබ්බයක්: රූපවාහිනියෙනුත් නඩු

හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට එරෙහිව නඩු පැවරීමට රූපවාහිනී සංස්ථාව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

නවගමු දේවාලයේ පෙරහැර සජීව විකාශය සඳහා මුදල් ගෙවන බව පවසා කාලය ලබාගෙන ඊට අදාළ මුදල ගෙවීම පැහැර හැර සිටීම මෙහි නඩු නිමිත්ත වෙනවා.

වාර්තා වන පරිදි ඇය ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 10කට ආසන්න වෙනවා. හිඟ මුදල ගෙවන ලෙස ඇයට අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබුණද ඇය එය ගෙවීමට කටයුතු කර නැහැ.

මෙම විකාශය සඳහා මුදල් ගෙවන බව ඇය ලිඛිත ප්‍රකාශයක් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles