පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මරාලයට ධම්මික ගෙල තියන හැඩ

නුදුරේ පැවැත්වීමට නියමිත ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට යෝජනා කර ඇති කිහිප දෙනා අතරින් ව්‍යවසායක ධම්මික පෙරේරා හට එය ලැබීමේ වැඩි ඉඩක් තිබෙන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද පැවැත්වීමේ කාල සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ අතර ජනපතිවරණ උණුසුම මේ වන විට දේශපාලන තලයේ වැඩි වී තිබෙනවා.

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරන ලද අතර බැසිල් රාජපක්ෂ සමගින් ධම්මික පෙරේරාද ඊට සහභාගී සිටිනු දකින්නට ලැබුණා.

ජනපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සය වැනි වරටත් පසුගිය දා පැවැත්වූ සාකච්ඡාවෙන් නිශ්චිත එකඟතාවන් කිසිවක් සිදු නොවූ බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles