ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර දැයෙන් සමුගනී

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩි.රංජිත් කුමාර ඊයේ(10) අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 77 වන වියේ පසුවූ රංජිත් කුමාර, සරසවිය සහ සරසි ඇතුළු පුවත්පත් ගණනාවකම ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කරනු ලැබුවා.

දශක පහක පමණ කාලයක් පුරා මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු කොළඹ ආනන්ද කේරි විදුහල් වල ආදි ශිෂ්‍යයෙක්.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු ග්‍රන්ථ ගණනාවක් ඔහු විසින් රචනා කරන ලද අතර සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙකු ලෙසත් ඔහුව හැඳින්වීමට පුළුවන්.

මෙරට කවර නිර්මාණ කලාව වෙනතකට යොමු කරමින් ඔහු විසින් කළ පිටකවර නිර්මාණ සංඛ්‍යාව 300කට අධික වෙනවා.

ඔහු විසින් කළ චිත්‍රපට නාමාවලි ප්‍රමාණය 300ක්.

ඒ්.ඩි රංජිත් කුමාරගේ දේහය අද (11) උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහුගේ දේහය උදෑසන 10ට පමණ කොතලාවල සරසවියේ වෛද්‍ය පිඨයට බාර දීමට කටුයුතු කරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles