රනිල් – පොහොට්ටු සටන ඇවිළෙයි: මහින්දගෙන් රතු නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර නොහොඳ නෝක්කාඩුව එළියට පැමිණෙන තත්වයක් පෙන්නුම් කරමින් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසනවා. පසුගිය දා බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ද පිහිටවනු ලැබුවා. එහිදී ඔහු ඍජුව කියා සිටියේ තම පක්ෂය ජනපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි. ඔහු ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා බවයි තතු දත් ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත්, බැසිල් ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයට අවශ්‍යව තිබුණේ මුලින් මහමැතිවරණයක් පවත්වා තම පාර්ලිමේන්තු බලය ආරක්ෂා කර ගැනීමටයි. එහෙත් සාකච්ඡා වට 6ක් පැවැත්වීමෙන් පසුව හෝ ඔවුන්ගේ මනදොළ සපුරා ගැනීමට නොහැකි වූ අතර දැන් ඉතා පැහැදිලිව ඔවුන්ගේ ඛණ්ඩනය සටහන්ව ඇති බව පෙනී යනවා.

ඒ අතර හිටපු ජනපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහින්ද රාජපක්ෂ විසින් රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම නමින් නිකුත් කර ඇති අලුත්ම නිවේදනයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට බඳුන් කරමින් කියා සිටින්නේ රජය සතු ව්‍යාපාර සහ වත්කම් විකිණීම නවතා දැමිය යුතු බවයි.

වත්මන් ආණ්ඩුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටස සඳහා පත් කළ අන්තර්කාලීන ආණ්ඩුවක් බව එහිදී අවධාරණය කර තිබීම විශේෂ කරුණක් වෙනවා.

දේශපාලන විචාරකයන්ට අනුව ජනපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණාත්මක ඛණ්ඩනය මේ වන විට සිදුව ඇති බැවින් නුදුරේ වෙනස් දේශපාලන පෙරමුණු බිහිවිය හැකි බවට අනුමාන කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles