විමල්ගේ දේශපාලන අනාගතය කුඩු : පක්ෂ ප්‍රබලයෝ රනිල්ට මනාපයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ දේශපාලන අනාගතය තවත් අර්බුදයට යවන පුවතක් වාර්තා වෙනවා. ඒ විමල්ගේ පක්ෂයේ ප්‍රබලයන් ජනපති හා එක්වන බවට පැවසෙන පුවතයි. ඔහුගේ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසන්නේ ජනපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන්ට ප්‍රසාදයක් ඇති බැවින් ජනාධිපතිවරණයේදී යම් තීරණයකට එළැඹීමට තමන් ඇතුළු කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට Lankaline.lk අප පියතිස්ස මන්ත්‍රීවරයා ඇමැතූ විට ඔහු කියා සිටියේ මේ දක්වා පක්ෂයෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එහෙත් ජාතිකවාදී වැඩපිළිවෙල ගෝඨා ඇතුළු පිරිසගේ ක්‍රියාකාරිත්වය නිසා බිමට සමතලා වී ගිය බවත්, ජනතාවගේ අප්‍රසාදය ගෝඨාභය ඇතුළු පිරිසට වඩා ඔවුන් ගෙන ඒමට ක්‍රියා කළ පිරිස වෙත ඇති වී තිබෙන බවත් ඔහු සඳහන් කළා. එසේ ම ජනපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙල සම්බන්ධ ප්‍රසාදයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා බොහෝ උකටලී වී ඇති බවයි. ඔවුන්ගේ මතවාදය සහ ඔවුන් ජනතාව ප්‍රතික්ෂේප කරනවා මෙන්ම ප්‍රධාන පක්ෂද කිසිවෙක් ඔවුන් සම්බන්ධ කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම විශේෂ කරුණක් වෙනවා. විමල් සහ සමීප පිරිසට මහමැතිවරණයකදී පක්ෂය සෝදාපාලු වී යෑමේ සහ පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයගෙන නැවත සභිකයෙක් වීමට පවා නොහැකි වීමේ අවදානමක් මතු වී තිබීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles