සල්ලි ඔට්ටුවට රේස් ගිය 14ක් අල්ලයි

මුදල් ඔට්ටුවට අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 14 දෙනෙක් පන්නිපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන තරුණයින් පිරිසක්.

මහරගම-හයිලෙවල් මාර්ගය අසල පිරිසක් අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කරන බවට මහරගම පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

මොවුන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන පසුව විවිධ ප්‍රදේශවල සිට පැමිණ මෙම යතුරු පැදි ධාවන තරඟ පවත්වන බව වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles