උද්ඝෝෂණයකට අධිකරණ වාරණයක්

අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිරකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතා පා ගමන සඳහායි.

අදාළ විරෝධතාවයේ දී උද්ඝෝෂකයින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් හා වීථී නාට්‍ය රඟදක්වමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකරුවන් හත්දෙනෙකු ඇතුළු අනෙක් තැනැත්තන්ට මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කළ බව පොලීසිය දැනුම්දෙනවා.

අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන ලෙස ද අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන බැවින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles