වෙනිසියුලාවට අවසන් ග්ලැසියරයත් අහිමි වන ලකුණු‍

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින දියවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල්-නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙන්.

වෙනිසියුලාවට ග්ලැසියර කීපයක් තිබුණු අතර, ඒ සියල්ල සියල්ල දියවී හැකිළී ගියේ ද දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන්.

ඉන් ඉතිරිව තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් ඉහළින් සියේරා-නෙවාඩා කඳු පංතියේ පිහිටා ඇති
‘හම්බෝල්ට්’ නැමැති ග්ලැසියරය පමණක් බව සඳහන්.

මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් මේ වන විට එය දියවී හැකිළීමට පටන් ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles