ශ්‍රීලනිප අර්බුදය : අධිකරණයෙන් වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂටත්, වැඩබලන මහලේකම් කීර්ති උඩවත්තටත්, ශ්‍රී.ල.නි.ප දේශපාලන මණ්ඩලයේ මෙහෙයුම්වලටත් බාධා කිරීම වළක්වමින් ශ්‍රී.ල.නි.ප යේ සියලු පාර්ශවයන්ට කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විධායක කාරක සභිකයන් දෙදෙනෙක් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි ද සොයිසා විසින් විධායක කාරක සභිකයන් විසිදෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

නඩුවේ පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම වාරණය පැනවූ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles