විශේෂ අවශ්‍යතා සහිත දරුවාට කළ අසාධාරණයට පියවර ගනු : ස්ටාලින්

වත්තල ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවකුට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

නිලධාරිනියක් මැදිහත්ව කිසිදු හේතුවක් නොමැතිව අදාළ සිසුවාට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ ලබා දී නැතැයි ඔහු තවදුරටත් පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විභාග කටයුතු සම්බන්ධයෙන් මෙයට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ස්ටාලින් අවධාරණය කළේ.

නිලධාරිනිය අත්තනෝමතිකව ක්‍රියාකාර ඇති බව පෙනී යන බවත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ අතර අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරනවා.

විභාග මධ්‍යස්ථානයේ නිලධාරියෙකු වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කරන විට වාචිකව පිළිතුරු සැපයීමේ ක්‍රමය යටතේ මෙම සිසුවා විභාගයේ මුල් දින තුනේ පැවති ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී තිබෙනවා.

එසේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට යෑමේදී විභාග මධ්‍යස්ථානය අධීක්ෂණය කළ පරිපාලන සේවයේ නිලධාරිනිය අවසර ලබා දී නැති බවයි වාර්තා වන්නේ.

එයට අමතර වශයෙන් මෙම නිලධාරිනිය වත්තල ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles