පොලිස් කතගේ පපුව අතගෑ බස් මගියා අත්අඩංගුවේ

සේවයට වාර්තා කිරීම සඳහා ලංගම බසයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ පපු පෙදෙස අතගෑ බව කියන මගියෙකු පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා රත්මලාන පදිංචි, 42 හැවිරිදි අයෙක් බව වාර්තා වුණා.

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරිය සිවිල් ඇඳුමෙන් සැරසී ලංගම බසයකින් සේවය වෙත යද්දී අසුනේ අනෙක් පස සිටි සැකකරු වරින් වර ඇයගේ පපුව ස්පර්ශ කර තිබෙනවා. ඇය කෑගසා සැකකරුට විරෝධය පළ කර ඇති අතර මගීන් එකතු වී සැකකරු අල්ලාගත් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles