වතු හාම්පුතුන්ට තොණ්ඩමන් සැර වෙයි

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණදිමට සූදානම් බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසූවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප 200කින් ඉහළ දැමීමට එම සමාගම් කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට සමාගම්වලට ඇති හැකියාව බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles