අහුංගල්ලේ වෙඩිතැබීමට උදව් කළ “ආදරේ” ‌‌අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේදි පසුගිය 08 වෙනිදා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදුකිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1150ක් සහ ජංගම දුරකථතනයක් විශේෂ කාරය බලකාය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිසීය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “අහුංගල්ලේ බබා” හෙවත් නදිශ ආබෲ ගේ පියාව අහුංගල්ල ලෝකන්වත්ත ඔහුගේ නිවස ආසන්නයේදි පසුගිය 08 වෙනිදා රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles