පැනලා ගිය හිටපු ජනපතිට සහ බිරිඳට රැකවරණය දුන්නා:මාලදිවයින් හිටපු ජනපති

මහජන විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු කළ බව මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසනවා.

මාලදිවයිනේ නිවාඩු නිකේතනයක ‌ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට නවාතැන් පහසුකම් සැපයූ බව පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙරටදී මතු වූ මහජන විරෝධතාව වැති තත්ත්වයකට තමන්ද මුහුණ දුන් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අත්දැකීම් තිබුණු බවත් මොහොමඩ් නෂීඩ් විසින් වැඩිදුරටත් පවසා සිටිනවා.

එහිදී තත්ත්වය සමනය කිරීමට නම් තමන්ට කළ හැකි හොඳම දෙය වූයේ ගෝඨාභය රාජපක්ෂගේ නික්ම යාමට පහසුකම් සලසා එමඟින් ශ්‍රී ලාංකිකයින්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමට අවස්ථාවක් ලබාදීම බවත් ඔහු එම සාකච්ඡාවේදි සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles