කෙහෙළියගේ පෙත්සමට දින දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරිමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 31 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අදාළ පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව ලබන 31 වෙනිදා පෙත්සම මුල සිට සලකා බැලීමට අධිකරණය නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles