බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේදී කොටුවෙයි

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් වෙඩික්කරුවකු වන ‘ඩබල් කැප් චූටි’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහුගේ ගෝලයින් දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියානු ආරංචිමාර්ග පවසනවා.

මෙම සැකකරුවන් තිදෙනා ,පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ගෝලයින් බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ඩබල් කැප් චූටි නැමැත්තා කොස්ගොඩ සුජී ගේ වෙඩික්කරුවකු බවද සඳහන්.

ඔවුන්ගේ ඡායාරූපද සහිතව අදාළ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාවේ පුවත්පතක පළ වී ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles