පසුගිය වසර දෙකට නීති 75ක් අලුතෙන් ඇවිත්

පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කරගැනීමට රජය කටුයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම රට තුළ දූෂණය පිටුදැකීම වෙනුවෙන් විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

අද (15) තෙල්දෙණිය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එකවෙමින් ඔහු මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles