කටුනායකින් මහ සිගරැට් තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෙළඳ ව්‍යාපාරිකයෙක්.

ඔහු විසින් මෙම දුම්වැටි තොගය ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන විත් තිබුණා.

එසේ පැමිණි ඔහු අද(15 ) අලුයම් කාලය වන තෙක් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රැඳී සිට ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත බව සඳහන්.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ සඟවාගෙන සිටි දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles