ප්‍රතිදේහ වංචාව: සැපයුම් ලොක්කාට ඇප ගන්න බාධාවක්

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භාරයට පත්කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක ඇප ඉල්ලා ගොනුකොට ඇති ප්‍රතිශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ගොනුකොට තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරියාගම මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවා.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles