ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට තොටිල්ල පදවන අතකින් ඇඳි තොරණ් රාජයා!

ශ්‍රී ලංකා තොරණ් ඉතිහාසය 1955 තෙක් පැරණියි. ඒ ඉතිහාසය තුළ කන්තාවක් විසින් තොරණක චිත්‍ර නිර්මාණය සිදුකර නෑ. ඒ විවිධ සම්ප්‍රදායික කතා සහ විශ්වාස නිසා බවයි පැවසෙන්නේ. වස් වැදීම් වැනි කරණා එහි ප්‍රමුඛතා ලෙසය සඳහන් වෙන්නේ. එම සියලු කරුණු කාරණා පසෙකලා පිරිමි මූලික තොරණ් කලාව කාන්තාවක් විසින් අවුරුදු 67කට පසු අතික්‍රමණය කර තිබෙනවා.

වී.ජනනි අලුදෙනිය ඇය දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් හදරා පල්ලේබැද්ද මහ විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියක් වශයෙන් දැනට සේවය කරමින් සිටිනවා.

එසේම 2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇති ඇය චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ⁣ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේ එළඹෙන වෙසක් ⁣පොහොය වෙනුවෙන් ප්‍රදර්ශනය කරන මෙම තොරණේ ජනනි අලුදෙනිය විසින් භද්‍රඝට ජාතකය සිතුවම් කර තිබෙනවා . අඩි 40ක තොරණක් ⁣වන මෙම තොරණ මාසයක් වැනි කෙට් කලකින් නිර්මාණය කිරීම ද විශේෂ සිද්ධියක් . එසේම ඇය පාසල් ඉ⁣ගැන්වීමේ කටයුතු ද තම බිළිඳියගේ කටයුතු ද සිදු කරමින් එය තම නිවසේ සිට ම නිර්මාණය කිරීම තවත් සුවිශේෂි කරුණක්.

තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙනවා. ගොඩකවෙල නගරයේ අරඹදෙනියේ පත්මසිරි මහතා විසින් විදුලි ආලෝකකරණය සිදු කරන අතර තොරණ සංවිධානය එම ගම්මාන විසින සිදු කරන අතර මුල්‍යම දායකත්වය චතුරංග ජේ. විතාරණ විසින් දරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles