එල්.ටී.ටි.ඊ තහනම ගැන තීරණයක්

LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව රජයේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එසේම 2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද එහි සඳහන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ විශේෂයෙන් තමිල්නාඩු හි ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය කිරිම හේතුවෙන් අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ලකර ඇති බව මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles