ශ්‍රී.ල.නි.ප සභාපතිකම ගැන තීන්දුව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගොනු කර තිබෙන පෙත්සමට අදාළ නියෝගය හෙට (16) දිනයේ ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (15) නිවේදනය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබුණා.

නමුත් පසුව අදාළ නියෝගය පිළිබඳ තීරණය හෙට දින ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා විසින් දන්වා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles