සාමාන්‍ය පෙළ ලියන්න ආව සිසුවියෝ දෙන්නා අතුරුදහන්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම සඳහා ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බවට ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඔවුන් ඊයේ උදැසන විභාගයට පෙනි සිටිම සදහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර ඉන් එක් සිසුවියක් පැමිණ‍ ඇත්තේ සිය දෙමව්පියන් සමඟ බව සඳහන්.

ගිනිගත්හේන අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න යන ප්‍රදේශවල පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, ඔවුන් එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනී සිටි සෙසු සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබෙනවා.

ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවට දැනට කරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

අතුරුදහන් වු බවට පවසන සිසුවියන් දෙදෙනාගේ ඡායාරුප සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවත්, එම සිසුවියන්ගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ගිනිගත්හේන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles