මියගිය පරිසරවේදියාගේ නිවසේ ආයුධ තොගයක්

පරිසරවේදියෙකු ලෙස ක්‍රියා කළ පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

එම පරිසරවේදියා මේ වන විට මියගොස් සිටින අතර ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුට අයත් පිළියන්දල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරය පරීක්ෂා කිරීමේදී එම ආයුධ තොගයහමු වූ බව සඳහන්.

අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T 56 ජීව උණ්ඩ අනූ හයක්, ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක්, මෝටර් උණ්ඩයක් එහිදී හමු වූ බව පොලිසිය වාර්තා කරනවා.

එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles