යුක්‍රේන – රුසියා යුද්ධය : මෙරට 16කට වුණු ඛේදවාචකය

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිවූ මෙරට පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මෙරට යුද හමුදා විශ්‍රාමික සාමාජිකයන්ට රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව යෑම සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයන්, ආයතන සම්බන්ධව පැමිණිලි 288 ක් ලැබී ඇති බවද ඔහු සඳහන් කරනවා.

පැමිණිලි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයත්, පොලිස් අපරාධ හා බුද්ධි අංශත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බවත් මිනිස් ජාවාරම සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව 0112-401146 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළා.

‍මෙලෙස යුද්ධය සඳහා බදවා ගැනීමට අදාළව දැන්වීම් පළකර ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවිවල බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

යුක්‍රේන යුද්ධය ඉදිරියේ සිටින මෙරට සෙබළෙක් සම්බන්ධ කරගැනීමට හැකිවූ බවත්, ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව රුසියානු භාෂාවෙන් ඔවුන්ට ලබා දී ඇති ගිවිසුමේ කිසිදු නීත්‍යානුකූල බවක් නැති බව පෙනී යන බවත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරය පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles