අෂ්රොෆ් පුස්තකාලයට රජයෙන් ලක්ෂ 250ක් – පවුලෙන් විරෝධයක්

හෙලිකොප්ටර් අනතුරකින් වසර 24කට පෙර මරුමුවට පත් වූ හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ එම්.එච්.එම්. අෂ්රොෆ් අනුස්මරණය කරමින් කෞතුකාගාරයක් ඉදි කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 250ක් වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා එක්ස් පණිවිඩයක් යොමු කරමින් කියා ඇත්තේ තමා සහ තම මව මේ සඳහා සම්බන්ධ නොවන බවයි.

පියා ජීවතුන් අතර සිටියේ නම්, අධ්‍යාපන ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම, කෘෂි-ධීවර ගැටලු විසඳීම, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට වෘත්තීය අවස්ථා වැනි කරුණු ගැන උනන්දු වනු ඇති බව ඔහු එහි සඳහන් කර තිබෙනවා.

අෂ්රොෆ් දේශපාලනඥයාගේ 24 වැනි ගුණ සමරුව වෙනුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මුස්ලිම් ප්‍රජාව සමඟ එක්ව ඇමැතිවරයාගේ උපන්ගම වන කල්මුණේ මේ කෞතුකාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles