හිටපු පොලිස් ලොක්කෙක් මුදල් වංචාවකට අල්ලයි

තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ හැඳුනුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබා ගත් බව කියන හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම පොලිස් නිලධාරියාගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ මෙහෙයවා මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles