ශ්‍රී.ල.නි.ප සභාපතිට දුමින්දගෙන් තවත් නඩුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (16) උදෑසන ප්‍රතික්ෂේප කළ අදාළ වාරණ නියෝග ඉල්ලීම නැවත තහවුරු කිරීම සඳහා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව යළිත් කැඳවීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පැවරූ නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව අද උදෑසන අදාළ වාරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළිත් අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බව දිසා විනිසුරුවරයා විසින් සඳහන් කර සිටියා.

ඒ අනුව දුමින්ද දිසානායක විසින් ශ්‍රී.ල.නි.ප සභාපති ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles