මුදල් රාජ්‍ය ඇමතිට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව සඳහන්.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත් සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බවත් දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විසින් අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles