තැපෑලෙන් ආ මිලියන ගණනක මත්ද්‍රව්‍ය

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව වාර්තා වෙනවා.

එහි මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් තිබී ඇති බව සඳහන්.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන්න බව රේගුව පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය සහිත පාර්සල් කැනඩාව, එංගලන්තය සහ නෙදර්ලන්යේ සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බව රේගුව වැඩිදුරටත් සඳහන් කරනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පාර්සල්වල සඳහන් මෙරට ලිපිනයන් ව්‍යාජ ඒවා බවය.

ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන අවසානයේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles