බිරිඳ ඇරලවන්න ආ ඇමැති ප්‍රසන්න ගුවන්තොටුපළේ යකා නටලා

ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරණ දේශපාලඥයෙකු කටුනායක ගුවන්තොටුපළ තුළ පෙරේදා (14) අලුයම් කාලයේදි කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වෙනවා.

ඇමතිවරයා ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්වරයෙකුගේ) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැනවදිමින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර බවයි වාර්තා වෙන්නේ.

අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීන් පවසනවා.

ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම දේශපාලකයාට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ටද බැණ වැදී ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකතනයෙන් ලබාගෙන තිබෙන බව එම නිලධාරීන් ප්‍රකාශ කරනවා.

ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇති අතර එයින් කුපිත වූ ඇමතිවරයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇතැයි ද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles