නුවරඑළියෙන් අතුරුදන් වූ සිසුවියන් කඩුවෙලින් මතු වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු අතුරුදන් බව පැවසූ නුවරඑළිය-අඹගමුව ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ ඥාති නිවසක සිටින බවට තොරතුරු ලැබුණු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට ඔවුන්ගේ පවුලේ අය විසින් පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා.

ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයට පැමිණි සිසුවියන් දෙදෙනා පසුගිය 14 වනදා විභාගයට පෙනී නොසිට අතුරුදන් වී තිබුණා.

පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹ පැමිණ ඇති බවත්, කඩුවෙල ප්‍රදේශයේ ඥාතී නිවසකට ගොස් ඒ බව දෙමාපියන්ට දැනුම් දී ඇති බවත්ය.

මේ වන විට අදාළ සිසුවියන් දෙදෙනා ැගෙන ඒම සඳහා ඔවුන්ගේ දෙමව්පියන් පිටත්ව ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles