දුමින්දගේ වාරණ ඉල්ලීමට ලැබුණු තීන්දුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කළ ඉල්ලීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් අද (16) ප්‍රතික්ෂේප කළා.‍‍

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන සිය නියෝගය ප්‍රකාශ කරමින් වැඩිදුරටක් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles