ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කරයි

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙක් වන බවය.

ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වනවා.

චූලානන්ද පෙරේරා රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරියෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles