රියැදුරු අසුන මත ම දිවියෙන් සමුගත් ලංගම රියැදුරු

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු, එම බස් රථයේ රියදුරු අසුන මතම ජිවීතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ළිඳුල පොලීසිය වාර්තා කරනවා.

මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුළදි ම ජිවිතක්ෂයට පත් වි තිබුණේ නාවලපිටිය ලංගම ඩිපෝවේ රියදුරෙක් වන 39 හැවිරිදි පුද්ගලයෙක්.

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්විම නිසා මගීන්ව වෙනත් බස් රථයකට මාරුකර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්ත්වයක් ඇති වූ බව සඳහන්.

කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් ඔහුව ඉවත් කර ළිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබුණු නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles