පෙම්වතා පැහැරගත් පෙම්වතිය සහ පියා ‌අත්අඩංගුවට

අවුරුදු 18ක තරුණයෙක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇයගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (16) සවස ත්‍රීරෝද රියකින් පැමිණ මෙම පැහැරගැනීම සිදුකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම ,පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අදාළ තරුණයාට පහර දී පැහැරගැනීම සිදුකරගෙන ඇති අතර පෙම්වතියගේ නිවසේ රඳවාගෙන සිටියදී පොලිසිය විසින් එම තරුණයාව සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් තරුණයාව රෝගල් ගතකර තිබෙන අතර සැකකාර පෙම්වතිය සහ ඇයගේ පියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles