බදු පොලුකාරයින්ගේ බැංකු ගිණුම් තහනම් කළ යුතුයි: පාඨලී

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නීති රීති වෙනස් කිරීමෙන් හෝ දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් බදු පොලුකාරයන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීමට නියෝග කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

පාකිස්තානය වැනි රටවල බදු ගෙවීම පැහැර හැරි පුද්ගලයින්ට‍ සිම් කාඩ් එකක් ගැනීම පවා තහනම් කර තිබෙන බවත් එවැනි දැඩි පියවර අනුගමනය නොකර බදු එකතු කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles