හිටපු රුසියන් තානාපතිගෙන් ඉදිරි දේශපාලනය ගැන අනාවැකි

ඉදිරියේදි ස්ථිර වශයෙන්ම පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් ජූනි 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා බවද ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් අයකු පමණක් බවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටිනවා.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද ඔහු ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles