පාස්පෝට් ක්‍රමය කඩිනමින් අලුත් වෙයි

ඉදිරි මාස කිහිපයේදී ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ක්‍රමය මෙරටට හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසනවා.

කොළඹදී පැවැත්වූ රැස්වීමක් අමතා ඔහු ඊයේ (18) මේ බව සඳහන් කරනු ලැබුවා.

මෙම ඊ පාස්පෝට් ක්‍රමයේ මූලික අරමුණක් වන්නේ වංචනික ක්‍රියා මැඬ පැවැත්වීමයි. මෙහිදී ජීවදත්ත ඇතුළත් චිපයක් ගමන්බලපත්‍රයට ඇතුළත් වෙනවා. මේ වන විට බොහෝ රටවල් මෙම ක්‍රමයට අනුගත වෙමින් සිටින අතර පළමු වරට මෙය අත්හදා බලා ඇත්තේ 1999 වසරේ මැලේසියාව විසිනුයි.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඔස්සේ දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පියවර ගන්නා බවයි පෙර අවස්ථාවක අමාත්‍යවරයා පවසා තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles