ලොව ම සසලයි : ඉරාන ජනපති තවමත් අතුරුදන්

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වුවත් ඔහු සහ එහි ගමන් ගත් ඔහුගේ විදේශ අමාත්‍යවරයා මේ වන තෙක් ගලවා ගැනීමට නොහැකි වී ඇති බවයි විදේශ පුවත් ඒජන්සි වාර්තා කරන්නේ.

හෙලිකොප්ටරය වයඹ දිග ඉරානයේ කඳුකර පෙදෙසකට හදිසි ගොඩබෑමක් සිදු කළ බව එහි පුවත් සේවා වාර්තා කළත් ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් ඔහු මෙතෙක් ගලවාගෙන නැති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන්නේ මැද පෙරදිග කලාපයේ යුද උණුසුම අතර එම කලාපයේ ප්‍රබල රටක් වන ඉරානයේ ජනපතිවරයාගේ මෙම අතුරුදහන්වීම නිසාවෙන්.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වේල්ලක් විවෘත කිරීමට ගොස් ආපසු යමින් සිටියදී මෙම සිදුවීම ඊයේ (ඉරිදා) සිදු වූ බව පැවසෙනවා.

අතිවිශාල ගලවා ගැනීමේ කණ්ඩායම් සංඛ්‍යාවක් එහි යවා ඇතතත් දැඩි මීදුම් සහිත කාලගුණය නිසා එම මෙහෙයුම් අසාර්ථකව ඇති බව වාර්තා කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles