පොලිසියට බයේ පනින්න ගිහින් වැටේ ඇමිණී තරුණිය මරුට

හෝමාගම හිරිපිටිය බෝගහවිල පාරේ නිවසක ඉහළ මහලෙන් බිමට පැනීමට ගොස් ආරක්ෂිත තාප්පයේ සවි කර තිබූ යකඩ උල් උදරයේ ඇනී බරපතළ තුවාළ ලැබූ 22 හැවිරිදි තරුණියක් පෙරේදා (19) මිය ගොස් තිබෙනවා.

උක්ත නිවසේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බවට එහි සිටි අයෙකුගේ බිරිඳක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂාවට යාමේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පොලිසියට බියෙන් ඉහළ මහලෙන් පැන ඇති තරුණිය පොලිසිය පැමිණෙන විටත් යකඩ කුරු උදරයේ ඇනී එල්ලී සිට තිබෙනවා. සුවසැරිය කැඳවා ඇය රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇතැයි සඳහන්.

මෙහි සිට ඇති පිරිමි දෙදෙනාගෙන් එක් අයෙකුට අයත් වාහන අමතර කොටස් අලෙවි සැලක සේවයට පැමිණ ඇති මිය ගිය තරුණිය මෙසේ මිය ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles