ගල විද්ද සුද්දගේ බංගලාවත් විකිණීමේ සූදානමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුවේ දී අද (22) අනාවරණය කළා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකරන විට කපිතාන් ඩෝසන් මහතා විසින් ඉදි කරන ලද එම බංගලාව දැනට මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඓතිහාසික ස්ථානයක්.

ඩෝසන් බංගලාවේ සේවකයන් සමඟද සාකච්ඡාවක් නොකොට එය විකුණන්නට යන බවට එහි සේවකයන් පැමිණිලි කරඇති බව පැවසූ මන්ත්‍රීවරයා එම බංගලාව කෞතුකාගාරයක් සේ රැකගත යුතු ස්ථානයක් යැයි සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles