ගෙදර කසිප්පු පෙරූ එස්.අයිට වැඩ වරදී

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙසේ වැඩතහනමට ලක්වී ඇත්තේ අනුරාධපුර කවරක්කුලම පොලිසියේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ බව සඳහන්.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව තිරප්පනේ පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙස වටලා කසිප්පු ලීටර් 14 සහ මිලිලීටර් 250 ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩ තහනම් කළ බව අනුරාධපුර පොලිස් අධිකාරී කාර්යාලය ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles