ඉන්දියාව ඇල්ලූ මෙරට ISIS සැකකරුවන් අතර පොට්ට නවුෆර්ගේ පුත්‍රයාත්

පසුගිය දා ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බවට සැක 4 දෙනාගෙන් එක් අයෙක් මෙරට කුප්‍රකට පාතාල නායක පොට්ට නවුෆර්ගේ පුත්‍රයාද සිටින බව වාර්තා වෙනවා.

පෙරියමුල්ල පදිංචි, මොහොමඩ් නුස්රත් (33), ග්‍රෑන්ඩ්පාස් මොහොමඩ් නෆ්රාන් (27) මාලිගාවත්ත මොහොමඩ් ෆාරිෂ් (35) සහ කොටහෙනේ මොහොමඩ් රෂ්ඩීන් (43) ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

මේ අය අතරින් 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන් පොට්ට නවුෆර් හෙවත් නියාස් නවුෆර්ගේ පුත්‍රයා බවයි හෙළිව ඇත්තේ.

පොට්ට නවුෆර් යනු 2004 වර්ෂයේ දී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයා වෙනවා. මරණ දණ්ඩනය නියමව සිටි නවුෆර් පසුගිය කොවිඩ් වසංගත සමයේදී කොවිඩ් 19 වැළඳී මිය ගියා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව අහමදාබාද් ගුවන්තොට සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය බෝම්බ තර්ජනයකට ලක් වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සිව්දෙනා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් බව ද හින්දු වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles