මාරක ළිඳක් කඩා වැටෙයි

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාඳුරුකෝට්ට සහ මහියංගණ රෝහල්වලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසනවා.

තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක්,අවුරුදු 13ක කුඩා දරුවෙකු සහ 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින බව වාර්තා වෙනවා.

මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව සඳහන්.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම සැනකෙලිය ඊයේ (23) දින ආරම්භ වුණ අතර රාත්‍රි සැනකෙලිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles