මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් සොයාගනියි

තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ, ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Gliese 12b නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට විද්‍යාඥයින් උපකල්පනය කරනවා.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇති බව සඳහන්.

2022දී එක්සත් රාජධානියේ පැවැති උණුසුමට සමාන තත්ත්වයක් මෙම ග්‍රහලෝකය තුළ ඇති බවට පර්යේෂණවලින් අනාවරණ වී තිබෙන බවද වාර්තා වෙනවා.

විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ, ග්ලීස් 12 බී ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු දැනටමත් හදුනාගෙන ඇති ග්‍රහලෝක කිහිපයට අයත් බවයි.

ග්ලීස් 12 බී ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳුද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles