හොර සුරා ජාවාරම් කළැයි ඇමැති ආරක්ෂක නිලධාරියා දැලේ

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා මැල්සිරිපුර දිග්දෙණිය ප්‍රදේශය ඔහුගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව සඳහන්.

ඔහු නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකර වැටලීමකදී මත්පැන් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles